Kangara

අප ආයතනය පිලිබදව කෙටියෙන්

හරිත අනාගතයක් සඳහා එක්ව වැඩ කරමු
Vision

Vision

Promoting a model of sustainable agricultural development in terms of social, environmental, and economic factors

Mission

Agriculture technology can lead the way to more sustainable farming

සමාජ, පාරිසරික සහ ආර්ථික සාධක අනුව තිරසාර කෘෂිකාර්මික සංවර්ධනයේ ආකෘතියක් ප්‍රවර්ධනය කිරීම සඳහා 2017 වසරේදී Kangara අප ආයතනය ආරම්භ කරන ලදී. අපගේ නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ තාරකා ජයතිලක සහ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සමන්ත ප්‍රනාන්දු ඇයගේ ආදරණීය සහකරු සැමවිටම විශ්වාස කළේ කාබනික කෘෂිකර්මාන්තය නිරෝගී සම්පන්න සමාජයක් බිහිකිරීමට අතවශ්‍යය සාධකයක් බවයි . ඔවුන් දෙදෙනා එක්ව මෙම ගමන ආරම්භ කළේ නව පරපුරට යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම තම කර මතට ගෙනය. සමාගමක් වශයෙන්, අප සැමවිටම විශ්වාස කරන්නේ කාබනික ගොවිතැන් පිළිවෙත් අපගේ පරිසරයට විවිධ පැති වලින් ධනාත්මක ලෙස බලපාන බවයි. එම නිසා අප ප්‍රධාන වශයෙන් බෝග අවශ්‍යතාවයට අනුව සමතුලිත, පෝෂක අතිරේකයක් සපයන පොහොර නිෂ්පාදනය කිරීමට උත්සාහ කරන්නෙමු. එබැවින්, තිරසාර කෘෂිකර්මාන්තය සඳහා නව්‍ය නිෂ්පාදන සංවර්ධනය කිරීම සඳහා නවීන විද්‍යාව හා තාක්ෂණය උපයෝගී කර ගැනීම සැමවිටම අපගේ ඉලක්කය වී ඇත. සමාගම පළමු වසර දෙක නිෂ්පාදන පර්යේෂණ හා සංවර්ධනය සඳහා ම කැප කල අතර මෙමගින් උපරිම ඵලදායීතාවයකින් යුත් හොඳම ගුණාත්මක නිෂ්පාදනයක් නිෂ්පාදනය කිරීම අප ආයතනයේ මුලික අරමුණ විය. ඉහළ නිපුණතා සහිත ශ්‍රම බලකායක සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ සහය ඇතිව, ශ්‍රී ලංකාවේ කෘෂි පාරිසරික කලාප සඳහා උචිත දියර පොහොර නිෂ්පාදන පෙළක් නිෂ්පාදනය කිරීමට සමාගමට හැකි විය.
අපගේ ආයතනික සමාජ වගකීම් ඇතුළුව සියලුම KANGARA ක්‍රියාකාරකම් වල මුලික හරය වන්නේ තිරසරභාවයයි. අඩු පාරිසරික බලපෑමක් සහිත ගෝලීය වශයෙන් පිළිගත් කාර්මික නිෂ්පාදන ක්‍රියාවලීන් අප භාවිතා කරන අතර, වායුගෝලය විෂ විමෝචනය සහ පරිසරයට අහිතකර අපද්‍රව්‍ය නිෂ්පාදනය සැලකිය යුතු ලෙස අඩු කිරීමට හැකි උපරිම උත්සාහය දරන්නෙමු. පාංශු ආහාර ජාලය පෝෂණය කිරීම සහ පසෙහි සෞඛ්‍යය ඉහල නැංවීම සඳහා අපගේ අද්විතීය නිෂ්පාදන පෙළ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. අප නිෂ්පාදනයන් භාවිතා කරන පාරිභෝගිකයන්ගේ දියුණුව හා ඔවුනට ආර්ථික වටිනාකමක් ලබා දීම අපගේ දියුණුව බව අප තරයේ විශ්වාස කරන්නෙමු.
සමාගම සතුව සියයකට අධික ඉහළ නිපුණතා සහිත කාර්යමණ්ඩලයක් සිටින අතර, ඔවුන් ගොවීන්ගේ ගැටළු අවබෝධ කර ගනිමින්, ක්ෂේත්‍ර මට්ටමින් ගොවීන් සමඟ ඉතා සමීපව කටයුතු කරයි. අපගේ ගුණාත්මක නිෂ්පාදන මගින් ලබා දෙන සාර්ථක ප්‍රථිපල සහ භාවිත කරන්නන්ගෙන් ලැබෙන යහපත් ප්‍රතිචාර අප ආයතනයේ මෙම දියුණුවේ මුලික රහසයි.
Supplier Registration