නිරෝගිසම්පන්න ලෝකයක් සදහා තිරසාර කෘෂිකර්මාන්තය
‘‘’පෘථිවිය පාළු වීමක් නොදනී, දිරාපත් වීමේ තෙත් හුස්ම තුළ ඇය පුනර්ජනනය සුවඳ දරයි’’ ’
(ලින්ඩන් බී. ජොන්සන්)
කෘෂිකාර්මික කටයුතු සඳහා රසායනික පොහොර යෙදීම අද ලොව පුරා බහුලව දක්නට ලැබෙන කෘෂි විද්‍යාත්මක පිළිවෙතයි. කෙසේ වෙතත්, අධික ලෙස, දිගුකාලීනව රසායනික පොහොර භාවිතය දැවැන්ත පාරිසරික හා සමාජීය බලපෑම් ඇති කරයි. එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනට (UNEP) අනුව පසුගිය වසර 100 තුළ පස, ජලය සහ වාතයෙහි මිනිසා විසින් සාදන ලද නයිට්රජන් සංයෝග ප්‍රමාණය දෙගුණ වී ඇත. අධික රසායනික පොහොර භාවිතය නිසා පස හා භූගත ජලය සීඝ්රයෙන් පිරිහීම, පසෙහි සාරවත් බව නැතිවීම, පසෙහි හා ශාකවල බැර ලෝහ එකතු වීම, පාංශු ඵලදායිතාව අඩුවීම, පාංශු ක්ෂුද්‍ර ජීවින් විනාශ විමෙන් ස්වාභාවික පරිසර පද්ධති සමතුලිතතාවය බිඳ වැටීම යන බලපෑම් ඇති වේ.
පරිසර හිතකාමී පොහොර, පළිබෝධනාශක සහ වගා පිළිවෙත් වලින් සමන්විත තිරසාර කෘෂිකාර්මික ප්රවේශයේ මූලික මූලධර්මවලට සෞඛ්‍යය, පරිසර විද්‍යාව හා තිරසාර සංවර්ධනය සහතික කරන රැකවරණය මුලික වශයෙන් අන්තර්ගත වේ.