බෝග
පාංශු සෞඛය වැඩි දියුණු කරයි
පෝෂක කළමනාකරණය
බෝග
වී වගාව සදහා
වී වගාව සඳහා අත්‍යවශ්‍ය පෝෂකයක් වන නයිට්රජන්, සහල් අස්වනු ප්‍රමාණය කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපායි. වී සඳහා නයිට්රජන් ප්‍රධාන වශයෙන් අවශ්‍ය වන්නේ එහි මුලික වර්ධක අවධියේදීය. නයිට්රජන් වලින් අනුන ECO-VITA P ද්‍රව පොහොර, වී සදහා අවශ්‍ය ප්‍රශස්ථ පෝෂක ප්‍රමාණය සපයන අතර එය පත්‍ර හරහා ශාකයට උරා ගන්නා බැවින් කාන්දු වීම සහ වාෂ්පීකරණය මගින් සිදුවන හානි වීම් අවම වේ. මුලික වර්ධනයේ දී ECO-VITA P යෙදීමෙන් වගාව ප්‍රවර්ධනය කරන අතර ඉහළ අස්වැන්නක් ලබා ගත හැක. කරල් නිපදවන මුල් ඇරඹුම් අවධියේදී ECO-VITA P යෙදීමෙන් ශාකයට වැඩි සහ බරින් යුත් ධාන්‍ය නිපදවීමට උපකාරී වේ. පොටෑසියම්, පොස්පරස් සහ ඇමයිනෝ අම්ල ඇතුළු අනෙකුත් සාර්ව හා ක්ෂුද්‍ර මූලද්‍රව්‍යවල සංකීර්ණ යක් සතු මෙම පොහොර නිෂ්පාදනය අස්වැන්න සහ ධාන්‍ය ගුණය වැඩි දියුණු කරයි. ECO-VITA P පෙර වැපිරීමේදී හෝ බද්ධ කිරීමට පෙර භාවිතා කිරීම නිරෝගී මුල් වර්ධනය ප්‍රවර්ධනය කරන අතර ශාක ප්‍රතිශක්තිය වැඩි කරයි. ECO-VITA P සමඟ Agva කොම්පෝස්ට් සහ ECO-VITA soil conditioner යෙදීම ශාක වර්ධනය සඳහා පරිපූර්ණ පෝෂක පැකේජයක් ලබා දෙයි. වැඩිදුර කියවන්න
තේ වගාව සදහා
ECO-VITA T, පත්‍ර හරහා වේගයෙන් අවශෝෂණය කර, පෝෂණ සහ ජෛව උත්තේජක ක්‍රියාවන් සිදු කරයි, පත්‍ර වර්ධනය දිරිමත් කරයි, ප්‍රති-ආතති ක්‍රියාවන් සමඟ ඒකාබද්ධව පත්‍රයේ ගුණාත්මක බව වැඩි කරයි. නයිට්රජන් සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත් ECO-VITA T පත්‍ර හරහා සෘජුවම විනිවිද යන අතර මෙමගින් පොහොර කාන්දු වීම සහ වාෂ්පීකරණය අවම කරයි. පොටෑසියම්, පොස්පරස් ඇතුළු සාර්ව හා ක්ෂුද්‍ර මූලද්‍රව්‍ය සංකීර්ණ සහ අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල මගින් නිෂ්පාදන අස්වැන්න සහ ගුණාත්මකභාවය වැඩි දියුණු කරයි. තවාන් හෝ ක්ෂත්රයේ රෝපණයට පෙර ECO-VITA V භාවිතා කිරීම නිරෝගී මුල් වර්ධනය ප්‍රවර්ධනය කරන අතර ශාක ප්‍රතිශක්තිය වැඩි කරයි. ECO-VITA T සමඟ Agva කොම්පෝස්ට් සහ ECO-VITA soil conditioner යෙදීම ශාක වර්ධනය සඳහා පරිපූර්ණ පෝෂක පැකේජයක් ලබා දෙයි. වැඩිදුර කියවන්න
Leafy vegetables
නයිට්රජන්, Leafy vegetables සඳහා අතවශ්‍ය පෝෂකයයි. නයිට්රජන් වලින් පොහොසත් ECO-VITA L ද්‍රව පොහොර ප්‍රශස්ථ පෝෂක ප්‍රමාණයක් සපයන අතර එය පත්‍ර හරහා සෘජුව විනිවිද යන බැවින් කාන්දු වීම සහ වාෂ්පීකරණය මගින් සිදුවන හානිය අවම වේ. වෘක්ෂලතා වර්ධනයේදී ECO-VITA L යෙදීම එළවළු වල පෙනුම සහ ගුණාත්මකභාවය වැඩි දියුණු කරයි. පොටෑසියම්, පොස්පරස් සහ ඇමයිනෝ අම්ල ඇතුළු අනෙකුත් සාර්ව හා ක්ෂුද්‍ර මූලද්‍රව්‍යවල සංකීර්ණ මගින් නිෂ්පාදන අස්වැන්න සහ ධාන්‍ය ගුණය වැඩි දියුණු කරයි. ECO-VITA L හි ඇති අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල ශාකයට පහසුවෙන් ලබා ගත හැකි බැවින් ඉක්මනින් අවශෝෂණය කර පෝෂ්‍යදායී, ආතති විරෝධී ක්‍රියාවක් දිරිමත් කරන අතර එළවළු වල ගුණාත්මකභාවය වැඩි දියුණු කරයි. එළවලු බිජ තවාන් දැමීමට පෙර හෝ ක්ෂත්රයේ රෝපණයට කිරීමට පෙර යෙදීම ECO-VITA L මගින් නිරෝගී මුල් වර්ධනයක් ඇති කරන අතර ශාක ප්‍රතිශක්තිය වැඩි කරයි. ECO-VITA L සමඟ Agva කොම්පෝස්ට් සහ ECO-VITA soil conditioner යෙදීම ශාක වර්ධනය සඳහා පරිපූර්ණ පෝෂක පැකේජයක් ලබා දෙයි. වැඩිදුර කියවන්න
එළවලු සදහා
ශ්‍රී ලංකාවේ විවිධ කෘෂි පාරිසරික කලාප වල වගා කරන එළවළු වර්ග අසූවකට අධික ප්‍රමාණයක් සදහා උචිත වන ලෙස ECO-VITA V නිෂ්පාදනය කර ඇත. NPK වලින් පොහොසත් ECO-VITA Vද්‍රව පොහොර ප්‍රශස්ථ පෝෂක ප්‍රමාණයක් සපයන අතර එය පත්‍ර හරහා සෘජුව ගමන් කරන බැවින් කාන්දු වීම සහ වාෂ්පීකරණය මගින් සිදු විය හැකි අපතේ යාම් අවම වේ. බෝග වර්ධනයේදී ECO-VITA V යෙදීම එළවලු වල පෙනුම සහ ගුණාත්මකභාවය වැඩි දියුණු කරයි. අනෙකුත් සර්ව හා ක්ෂුද්‍ර මූලද්‍රව්‍යවල සංකීර්ණ මගින් අස්වැන්නේ ප්රමානාත්මක සහ ගුණාත්මකභාවය වැඩි දියුණු කරයි. ECO-VITA V හි ඇති අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල ශාකයට පහසුවෙන් උරා ගත හැකි අතර, ඉක්මනින් අවශෝෂණය කර, ආතති විරෝධී ක්‍රියාවලින් දිරිගන්වමින්, අවසාන නිෂ්පාදනයේ ගුණාත්මක භාවය වැඩි දියුණු කරයි. ECO-VITA V බිජ වැපිරීමට පෙර හෝ ක්ෂත්රයේ වගා කිරීමට පෙර භාවිතා කිරීම නිරෝගී මුල් වර්ධනයක් ඇති කිරීමට දායක වන අතර ශාක ප්‍රතිශක්තිය ද වැඩි කරයි. වැඩිදුර කියවන්න
බඩඉරිගු සදහා
බඩඉරිඟු යනු මිනිසුන් අතර ජනප්‍රිය පිෂ්ඨමය භෝගයකි. හොඳ ඉරිඟු වර්ධනයක් සහ අස්වැන්නක් සඳහා පොස්පරස් (P) සහ පොටෑසියම් (K) විශාල ප්‍රමාණවලින් අවශ්‍ය වේ. ඉරිඟු වගා කරන්නන් සඳහා වීශේෂෙයන් නිර්මාණය කර ඇති ECO-VITA C, NPK වලින් පොහොසත් වන අතර ශාකය සඳහා ප්‍රශස්ථ පෝෂක ප්‍රමාණයක් සපයයි. මෙහි අඩංගු අනෙකුත් සර්ව හා ක්ෂුද්‍ර මූලද්‍රව්‍ය සංකීර්ණ මගින් අස්වැන්නේ ප්රමානාත්මක සහ ගුණාත්මකභාවය වැඩි දියුණු කරයි. ECO-VITA C හි ඇති අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල ශාකයට පහසුවෙන් උරා ගත හැකි අතර ඉක්මනින් අවශෝෂණය කර, පෝෂණීය, ආතති විරෝධී ක්‍රියාවන් දිරිගන්වමින් අවසාන නිෂ්පාදනයේ ගුණාත්මක භාවය වැඩි දියුණු කරයි. බිජ වැපිරීමේදී හෝ ක්ෂේත්රයේ රෝපණයට පෙර ECO-VITA C යෙදීමෙන් නිරෝගී මුල් වර්ධනයක් ඇති කරන අතර ශාක ප්‍රතිශක්තිය වැඩි කරයි. ECO-VITA C සමඟ Agva කොම්පෝස්ට් සහ ECO-VITA soil conditioner භාවිතා කිරීම ශාක වර්ධනය සඳහා පරිපූර්ණ පෝෂක පැකේජයක් ලබා දෙයි. වැඩිදුර කියවන්න
අර්තාපල් වගාව සදහා
අර්තාපල් යනු කා අතරත් ජනප්‍රිය පිෂ්ටමය ආහාරයකි. හොඳ අල වර්ධනයක් සදහා ෆොස්පොරස් අත්‍යවශ්‍ය පෝෂකයකි. පොස්පරස් සමඟ වැඩිදියුණු කරන ලද ECO-VITA R, වඩා හොඳ අල වර්ධනයක් සහතික කිරීම සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇත. ECO-VITA R හි අනෙකුත් සර්ව හා ක්ෂුද්‍ර මූලද්‍රව්‍ය සංකීර්ණ මගින් අස්වැන්නේ ප්රමානාත්මක සහ ගුණාත්මකභාවය වැඩි දියුණු කරයි. ECO-VITA R හි ඇති අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල ශාකයට ඉක්මනින් අවශෝෂණය කරගත හැකි අතර, පෝෂණීය, ආතති විරෝධී ක්‍රියාවන් දිරිගන්වමින් අවසාන නිෂ්පාදනයේ ගුණාත්මක භාවය වැඩි කරයි. ECO-VITA R අර්තාපල් බිජ වලට භාවිතා කිරීමෙන් නිරෝගී වර්ධනයක් ප්‍රවර්ධනය කරන අතර ශාක ප්‍රතිශක්තිය වැඩි කරයි. ECO-VITA R සමඟ Agva කොම්පෝස්ට් සහ ECO-VITA soil conditioner භාවිතා කිරීම ශාක වර්ධනය සඳහා පරිපූර්ණ පෝෂක පැකේජයක් ලබා දෙයි. වැඩිදුර කියවන්න
ඉගුරු සහ කහ වගාව සදහා
ඉඟුරු සහ කහ කුළුබඩුවක් ලෙස සාම්ප්‍රදායක වෛද්‍ය විද්‍යාවේ බහුලව භාවිතා වේ. මෙම විශේෂ, හොඳින් වර්ධනය වීමට නයිට්රජන් සහ පොස්පරස් බහුලව අවශ්‍ය වේ. නයිට්රජන් සහ පොස්පරස් සමඟ වැඩි දියුණු කරන ලද ECO-VITA Z, ඉඟුරු සහ කහ වගා කරන්නන් සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇත. ECO-VITA Z හි අනෙකුත් සර්ව හා ක්ෂුද්‍ර මූලද්‍රව්‍ය සංකීර්ණ මගින් අස්වැන්නේ ප්රමානාත්මක සහ ගුණාත්මකභාවය වැඩි දියුණු කරයි. ECO-VITA Z හි ඇති අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල ශාකයට ඉක්මනින් අවශෝෂණය කරගත හැකි අතර, පෝෂණීය, ආතති විරෝධී ක්‍රියාවන් දිරිගන්වමින් අවසාන අස්වැන්න වැඩි කරයි. රෝපණ පූර්ව අවධියේදී ECO-VITA Z භාවිතා කිරීම නිරෝගී වර්ධනයක් ප්‍රවර්ධනය කරන අතර ශාක ප්‍රතිශක්තිය වැඩි කරයි. ECO-VITA Z සමඟ Agva කොම්පෝස්ට් සහ ECO-VITA soil conditioner භාවිතා කිරීම ශාක වර්ධනය සඳහා පරිපූර්ණ පෝෂක පැකේජයක් ලබා දෙයි. වැඩිදුර කියවන්න
මිරිස් සහ තක්කාලි වගාවන් සදහා
මිරිස් සහ තක්කාලි සාමාන්‍යයෙන් නිවර්තන කලාපීය ප්‍රදේශවල වැවෙන අතර Solanaceae පවුලට අයත් වේ. මෙම බෝග වර්ග දෙකේම වඩා හොඳ වර්ධනයක් සහ අස්වැන්නක් සඳහා NPK අවශ්‍ය වේ. NPK වලින් පොහොසත් ECO-VITA G ද්‍රව පොහොර, ප්රශස්ත පෝෂක ප්‍රමාණයක් සපයන අතර එය පත්‍ර හරහා විනිවිද යන හෙයින් කාන්දු වීම සහ වාෂ්පීකරණයමගින් සිදු විය හැකි අපතේ යාම් අවම වේ. ECO-VITA G වර්ධක සහ මල් පිපෙන අවධියේදී යෙදීම අස්වැන්නේපෙනුම සහ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමට උපකාරී වේ. ECO-VITA G හි අනෙකුත් සර්ව හා ක්ෂුද්‍ර මූලද්‍රව්‍ය සංකීර්ණ මගින් අස්වැන්නේ ප්රමානාත්මක සහ ගුණාත්මකභාවය වැඩි දියුණු කරයි. ECO-VITA G හි ඇති අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල ශාකයට ඉක්මනින් අවශෝෂණය කරගත හැකි අතර, පෝෂණීය, ආතති විරෝධී ක්‍රියාවන් දිරිගන්වමින් අවසාන අස්වැන්න වැඩි කරයි. ECO-VITA G බිජ තවාන් දැමීමේදී භාවිතා කිරීම නිරෝගී මුල් වර්ධනයක් ඇති කරන අතර ශාක ප්‍රතිශක්තිය වැඩි කරයි. ECO-VITA G සමඟ Agva කොම්පෝස්ට් සහ ECO-VITA soil conditioner භාවිතා කිරීම ශාක වර්ධනය සඳහා පරිපූර්ණ පෝෂක පැකේජයක් ලබා දෙයි. වැඩිදුර කියවන්න
උක් වගාව සදහා
උක්, බොහෝ දුරට උපනිවර්තන සහ නිවර්තන කලාපවල වැඩෙන අතර, ප්‍රධාන වශයෙන් සීනි සැකසීම සඳහා වගා කෙරේ. මෙම ශාකය ජෛව ඉන්ධන නිෂ්පාදනය සඳහා ද වගා කෙරේ. සුක්රෝස් යනු උක්වල ඇති සීනි ප්රභවය වන අතර එය ප්‍රභාසංශ්ලේෂණයෙන් නිපදවන ප්‍රධාන ඩයිසැකරයිඩයක් වේ. එබැවින්, වැඩි සුක්රෝස් නිෂ්පාදනය සඳහා NPK අවශ්‍ය වන අතර පොටෑසියම් සඳහා අමතර අවශ්‍යතාවයක් ඇත. පොටෑසියම් එන්සයිම සක්‍රියකාරකයක් ලෙස අතිරේක කාර්යභාරයක් ඉටු කරන අතර ප්‍රභාසංශ්ලේෂණය, ප්‍රෝටීන් සංස්ලේෂණය, පිෂ්ඨය සෑදීම යන ශාකයේ ජෛව ක්‍රියා සඳහා උපකාරී වේ. පොටෑසියම් සහ පොස්පරස් සීනිවල ගුණාත්මකභාවය වැඩි කිරීමට අත්‍යවශ්‍ය පෝෂක දෙකකි. ECO-VITA U පොටෑසියම් සහ පොස්පරස් වලින් පොහොසත්, විශේෂයෙන් උක් වගාකරුවන් සඳහා නිර්මාණය කර ඇත. වර්ධනය වන අවධියේදී ECO-VITA U යෙදීම සීනිවල ගුණාත්මකභාවය වැඩි දියුණු කරයි. මෙහි අන්තර්ගත අනෙකුත් සර්ව හා ක්ෂුද්‍ර මූලද්‍රව්‍ය සංකීර්ණ මගින් අස්වැන්නේ ප්රමානාත්මක සහ ගුණාත්මකභාවය වැඩි දියුණු කරයි. ECO-VITA G හි ඇති අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල ශාකයට පහසුවෙන් ලබා ගත හැකි අතර ඉක්මනින් අවශෝෂණය කර, පෝෂණීය, ආතතියට එරෙහි ක්‍රියාවන් දිරිගන්වමින්, උක් වල ගුණාත්මක බව වැඩි කරයි. ECO-VITA U සමඟ Agva කොම්පෝස්ට් සහ ECO-VITA soil conditioner භාවිතා කිරීම ශාක වර්ධනය සඳහා පරිපූර්ණ පෝෂක පැකේජයක් ලබා දෙයි. වැඩිදුර කියවන්න
බුලත් සහ ගම්මිරිස් වගාව සදහා
බුලත් සහ ගම්මිරිස් බහුලව වගා කරනු ලබන්නේ නිවර්තන කලාපීය ප්‍රදේශ වල වේ. මෙම භෝග වර්ග දෙකටම නිරෝගිමත් වර්ධනයක් සඳහා නයිට්රජන් සහ රෝග වලට ප්‍රතිරෝධය දැක්වීම සඳහා පොටෑසියම් අවශ්‍ය වේ. NPK වලින් පොහොසත් ECO-VITA B ද්‍රව පොහොර ප්‍රශස්ථ පෝෂක ප්‍රමාණය සපයන අතර එය පත්‍ර හරහා සෘජුව ගමන් කරන බැවින් කාන්දු වීම සහ වාෂ්පීකරණය මගින් සිදුවන අපතේ යාම් අවම වේ. ශාකයේ වර්ධන අවදියේදී ECO-VITA B යෙදීමෙන් අස්වැන්නේ පෙනුම සහ ගුණාත්මකභාවය වැඩි දියුණු වේ. මෙහි අන්තර්ගත අනෙකුත් සර්ව හා ක්ෂුද්‍ර මූලද්‍රව්‍ය සංකීර්ණ මගින් අස්වැන්නේ ප්රමානාත්මක සහ ගුණාත්මකභාවය වැඩි දියුණු කරයි. ECO-VITA B හි ඇති අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල ශාකයට පහසුවෙන් ලබා ගත හැකි බැවින් ඉක්මනින් අවශෝෂණය කර, ශාකයේ ආතති විරෝධී ක්‍රියාවන් දිරිමත් කරන අතරම අස්වැන්නේ ගුණාත්මකභාවය වැඩි දියුණු කරයි. ක්ෂේත්රයේ සිටුවීමට පෙර ECO-VITA B භාවිතා කිරීම නිරෝගී මුල් වර්ධනයක් ඇති කරන අතර ශාක ප්‍රතිශක්තිය වැඩි කරයි. ECO-VITA B සමඟ Agva කොම්පෝස්ට් සහ ECO-VITA soil conditioner භාවිතා කිරීම ශාක වර්ධනය සඳහා පරිපූර්ණ පෝෂක පැකේජයක් ලබා දෙයි. වැඩිදුර කියවන්න
පලතුරු වගාව සදහා
ශ්‍රී ලංකාව නිවර්තන කලාපීය රටක් ලෙස විවිධ පලතුරු වර්ග වැවීමට හොඳම දේශගුණයක් සහිත රටකි. නයිට්රජන් සහ පොටෑසියම් පලතුරු අස්වැන්න සහ ගුණාත්මකභාවය සඳහා වඩාත් වැදගත් පෝෂක වේ. හොඳ පත්‍ර වර්ධනයක්, මල් පිපීම සහ ඵල ලබා දීම සඳහා නයිට්රජන් අත්‍යවශ්‍ය වේ. පොටෑසියම් අස්වැන්නේ ගුණාත්මක බව තීරණය කරන ප්‍රධාන පෝෂකය වේ. නයිට්රජන් සහ පොටෑසියම් වලින් පොහොසත් ECO-VITA F ද්‍රව පොහොර ප්‍රශස්ථ පෝෂක ප්‍රමාණයක් සපයන අතර එය පත්‍ර හරහා සෘජුව ගමන් කරන බැවින් කාන්දු වීම සහ වාෂ්පීකරණය මගින් සිදු විය හැකි අපතේ යාම් අවම වේ. බෝග වර්ධනයේදී ECO-VITA F යෙදීම පලතුරු වල පෙනුම සහ ගුණාත්මකභාවය වැඩි දියුණු කරයි. මෙහි අන්තර්ගත අනෙකුත් සර්ව හා ක්ෂුද්‍ර මූලද්‍රව්‍ය සංකීර්ණ මගින් අස්වැන්නේ ප්රමානාත්මක සහ ගුණාත්මකභාවය වැඩි දියුණු කරයි. ECO-VITA F හි ඇති අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල ශාකයට පහසුවෙන් ලබා ගත හැකි බැවින් ඉක්මනින් අවශෝෂණය කර, ශාකයේ ආතති විරෝධී ක්‍රියාවන් දිරිමත් කරයි. ECO-VITA F පලතුරු බිජ තවාන් දැමීමට පෙර හා ක්ෂේත්රයේ දීමට පෙර යෙදීමෙන්, නිරෝගී මුල් වර්ධනයක් ඇති කරන අතර ශාක ප්‍රතිශක්තිය වැඩි කර, රෝග වලින් ආරක්ෂා කරයි. ECO-VITA F සමඟ Agva කොම්පෝස්ට් සහ ECO-VITA soil conditioner භාවිතා කිරීම ශාක වර්ධනය සඳහා පරිපූර්ණ පෝෂක පැකේජයක් ලබා දෙයි. වැඩිදුර කියවන්න
මල් වගාව සදහා
ශ්‍රී ලංකාව විවිධ මල් විශේෂ වගා කිරීමට අවශ්‍ය දේශගුණික සාධක සහිත කදිම නිවහනකි. ශ්‍රී ලංකාවේ විසිතුරු මල් වගාව ඉහළ ආදායම් ලබන කෘෂි ව්‍යාපාරයක් ලෙස සලකයි. මල් හට ගැනීම සඳහා NPK ඇතුළු පෝෂ්‍ය පදාර්ථ අත්‍යවශ්‍ය වන අතර පොස්පරස් අංකුර වර්ධනය සහ මල් පිපීම උත්තේජනය කිරීම සහ වැඩි දියුණු කිරීම සඳහා අත්‍යවශ්‍ය වේ.
පොස්පරස් වලින් පොහොසත් ECO-VITA H ද්‍රව පොහොර ප්‍රශස්ථ පෝෂක ප්‍රමාණයක් සපයන අතර එය පත්‍ර හරහා සෘජුව ගමන් කරන බැවින් කාන්දු වීම සහ වාෂ්පීකරණය මගින් සිදු විය හැකි අපතේ යාම් අවම වේ. වර්ධක සහ ප්‍රජනන අවධියේදී ECO-VITA H යෙදීමෙන් මල් පිපීම සහ ගුණාත්මකභාවය වැඩි දියුණු වේ. මෙහි අන්තර්ගත අනෙකුත් සර්ව හා ක්ෂුද්‍ර මූලද්‍රව්‍ය සංකීර්ණ මගින් අස්වැන්නේ ප්රමානාත්මක සහ ගුණාත්මකභාවය වැඩි දියුණු කරයි. ECO-VITA H හි ඇති අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල ශාකයට පහසුවෙන් ලබා ගත හැකි අතර, ඉක්මනින් අවශෝෂණය කර, ශාකයේ ආතති විරෝධී ක්‍රියාවන් දිරිමත් කර මල් වල ගුණාත්මකභාවය සහ අස්වැන්න වැඩි දියුණු කරයි. ECO-VITA H සමඟ Agva කොම්පෝස්ට් සහ ECO-VITA soil conditioner භාවිතා කිරීම ශාක වර්ධනය සඳහා පරිපූර්ණ පෝෂක පැකේජයක් ලබා දෙයි. වැඩිදුර කියවන්න
පාංශු සෞඛය වැඩි දියුණු කරයි
පස සංකීර්ණ පරිසර පද්ධතියකි, බැක්ටීරියා, දිලීර, ප්‍රොටිස්ටාවන් සහ පෝෂක ප්‍රතිසාධනය සඳහා සම්බන්ධ වන සතුන් සඳහා නිවහනකි. ශාක වර්ධනය ඉහල නංවන මයිකෝරයිසල් දිලීර සහ රනිල කුලයට අයත් බෝගවල ඇති ගැටිති බැක්ටීරියා වැනි මෙම පසෙහි වාසය කරන ජීවීන් සමඟ ශාක විවිධ අන්තර්ක්‍රියා සිදු කරයි. එසේ වුවද, රසායනික පොහොර අධික ලෙස භාවිතා කිරීම පාංශු ආම්ලිකතාවයට ඉහල යාමට හේතු වී ඇති අතර එමඟින් කාබනික ද්‍රව්‍යවල අන්තර්ගතය, හියුමස් අන්තර්ගතය සහ ප්‍රයෝජනවත් පාංශු ජීවීන්ගේ ගහනය අඩු කරයි.
Agva කොම්පෝස්ට්, සමතුලිත NPK අනුපාත සහ අනෙකුත් අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සහිත ශාක පෝෂක සංකීර්ණයක් අඩංගු 100% කාබනික පොහොරකි. මෙමගින් වාතනය, ජලය රඳවා ගැනීමේ හැකියාව සහ පෝෂක ලබා ගැනීමේ හැකියාව වැඩි කිරීම මගින් පස ව්‍යුහය වැඩි දියුණු කරයි. Ecovita පාංශු කන්ඩිෂනර් ක්ෂුද්‍ර ජීවීන්ගේ වර්ධනයට සහ ශාක මුල් වර්ධනයට වඩාත් හිතකර වන පරිදි සකස් කර ඇති අතර පසෙහි භෞතික ගුණාංග වැඩි දියුණු කරයි. Eco Vita පාංශු කන්ඩිෂනර් යනු ඇමයිනෝ අම්ලවල සම්පූර්ණ සම්මිශ්‍රණයකි. එබැවින්, ශාකයේ සියලුම කාර්යයන් සහ කාර්ය සාධනය සඳහා ඉවහල් වේ.
Agva කොම්පෝස්ට්, සමතුලිත NPK අනුපාත සහ අනෙකුත් අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සහිත ශාක පෝෂක සංකීර්ණයක් අඩංගු 100% කාබනික පොහොරකි. මෙමගින් වාතනය, ජලය රඳවා ගැනීමේ හැකියාව සහ පෝෂක ලබා ගැනීමේ හැකියාව වැඩි කිරීම මගින් පස ව්‍යුහය වැඩි දියුණු කරයි. Ecovita පාංශු කන්ඩිෂනර් ක්ෂුද්‍ර ජීවීන්ගේ වර්ධනයට සහ ශාක මුල් වර්ධනයට වඩාත් හිතකර වන පරිදි සකස් කර ඇති අතර පසෙහි භෞතික ගුණාංග වැඩි දියුණු කරයි. Eco Vita පාංශු කන්ඩිෂනර් යනු ඇමයිනෝ අම්ලවල සම්පූර්ණ සම්මිශ්‍රණයකි. එබැවින්, ශාකයේ සියලුම කාර්යයන් සහ කාර්ය සාධනය සඳහා ඉවහල් වේ.
පෝෂක කළමනාකරණය
පෝෂක කළමනාකරණය යනු බෝග ඵලදායිතාව වැඩි දියුණු කිරීම සඳහා පෝෂ්‍ය පදාර්ථ හැකිතාක් කාර්යක්ෂමව භාවිතා කරමින් සිදු කරන පාරිසරික වශයෙන් තිරසාර ප්රවේශයකි. පෝෂක කළමනාකරණය පිටුපස ඇති මූලික මූලධර්මය වන්නේ පාංශු පෝෂක යෙදවුම් සමතුලිත කිරීමයි. නියමිත වේලාවට නියමිත පෝෂක ප්‍රමාණය යෙදීමෙන් වැඩි අස්වැන්නක් ලැබේ. එබැවින් කෘෂිකර්මාන්තයේ සෑම අංශයකම පෝෂණ කළමනාකරණය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.
Ecovita පාංශු කන්ඩිෂනර් සහ අග්වා කොම්පෝස්ට් ඇතුළු සියලුම Ecovita නිෂ්පාදන NPK සහ අනෙකුත් අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත්. එය ශාක වර්ධනයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සහිත සම්පූර්ණ පැකේජයකි. Ecovita දියර පොහොර සහ අග්වා කොම්පෝස්ට් ශ්‍රී ලංකාවේ පස සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇත. එයට පසට තිරසාර ලෙස පෝෂ්‍ය පදාර්ථ නැවත ලබා දීමේ හැකියාව ඇත.