Kangara

අපි ගැන

අප ආයතනය පිලිබදව කෙටියෙන්

අපි ගැන

“අපි, කැන්ගාර ආයතනය සෑම විට තිරසාර කෘෂිකර්මාන්තය විශ්වාස කරන්නෙමු. අපගේ මුලික අරමුණ වන්නේ ප්‍රජාවගේ සමාජ පාරසරික සෞඛ්‍ය හා ආර්ථික අවශ්‍යතා තෘප්තිමත් කිරීමයි. අපගේ නිෂ්පාදන නවින තාක්ෂනය භාවිතයෙන් ස්වභාවික කාබනික ප්‍රභවයන් භාවිත කර සිදු කරන අතර එමගින් අඩු පාරසරික විමෝචනයක් පවත්වා ගෙන පරිසරය ආරක්ෂා කිරීමෙහි යෙදෙන්නෙමු.”
KANGARA, අප ශ්‍රී ලාංකික ජනතාවගේ සමාජ, පාරිසරික සහ ආර්ථික අවශ්‍යතා තෘප්තිමත් කළ හැකි තිරසාර කෘෂිකර්මාන්ත රටාවක් ගොඩ නැගීම අරමුණු කරන්නෙමු. අපගේ නිෂ්පාදන ස්වභාවික කාබනික ප්‍රභවයන්ගෙන් නිපදවනු ලබන අතර, බලශක්ති කාර්යක්ෂමතාව ඉහල සහ අඩු කාබන් විමෝචනයක් සහිත නවීන කාර්මික තාක්‍ෂණයන් නිෂ්පාදන ක්‍රියාවලිය සදහා භාවිතා කරන්නෙමු.
who we are

Vision & Mission

Our Vision

Promoting a model of sustainable agricultural development in terms of social, environmental and economic factors.

Our Mission

Eco – Sustainable agricultural productivity” We aim to meet the best needs of increasingly specialized agriculture by helping the farmers to increase the quality and production yields in a socially responsible and environmentally friendly fashion.

Sustainable Agriculture For A Better Wordl

Vision

Promoting a model of sustainable agricultural development in terms of social, environmental, and economic factors

Mission

Mission

Agriculture technology can lead the way to more sustainable farming

ධනාත්මක වෙනසක් සදහා කාබනික වගාව

කාබනික ගොවිතැන්කරණය යනු කෘෂිකර්මාන්තයේ එක් ආකාරයක් වන අතර එහිදී කෘතීම පොහොර හා පලිබෝධනාශක, ශාක වැඩීම් පාලක, පශු සම්පත් පෝෂණ ආකලන හා ජානමය වශයෙන් නවීකරණය කරන ලද පටක භාවිතා නොකරයි. ස්වාභාවික සම්පත් ප්‍රශස්ත ලෙස භාවිතා කිරීම මත පදනම් වන මෙම ක්‍රමයට ඇති ඉල්ලුම වර්තමානය වන විට ලොව පුරා සැලකිය යුතු ලෙස ඉහල යමින් පවතී. ගොවිපල යෙදවුම් සහ භෝග හුවමාරුව,කොම්පෝස්ට් භාවිතය සහ ජීව විද්‍යාත්මක පළිබෝධ පාලන ක්‍රම, කාබනික ගොවිතැන්කරණයේදී යොදා ගැනෙන අතර මෙම ක්‍රමයෙන් නයිට්රේට් කාන්දු වීම, පාංශු ඛාදනය වැනි පරිසරයට අහිතකර කිසිදු බලපෑමක් සිදු නොකරයි. එය රසායනික පොහොර භාවිතය හා සැසදීමේදී සෑමවිටම විටම තිරසාර ප්‍රවේශයකි. ශ්‍රී ලංකාව අතීතයේ සිටම කාබනික කෘෂිකර්මාන්තය කෙරෙහි ඉතා ප්‍රසිද්දියක් උසුලයි. පෙරදිග ‘ධාන්‍යාගාරය’ ලෙස අතීතයේදී අප රට හදුන්වා දුන් අතර දේශීය වී වර්ග 200කට වැඩි ප්‍රමාණයක් ලොවට හඳුන්වා දී ඇති අතර සහල් අපනයනය කල බවටද සාක්ෂි පවතී. ක්‍රිස්තු පූර්ව 300 දී පමණ ඉදිකරන ලද වැව් (ජලාශ) සහ ඇළ මාර්ග ඇතුළු ලෝක උරුමවාරි පද්ධතිය අපගේ අතීත ශ්‍රේෂ්ඨත්වය විදහා දක්වන අතරම ශ්‍රී ලංකාවේ කාබනික ගොවිතැන් ක්‍රමයේ පැවති සාර්ථකත්වය පිළිබිඹු කරයි.
කාබනික ගොවිතැන රටක සෞඛ්‍යය සම්පන්න ජනතාවක් බිහි කිරීමේලා පළමු පියවර වන අතර. මෙම කාබනික ගොවිතැන් ක්‍රමය මගින්,
  • පරිසරය ආරක්ෂා කිරීම.
  • පාංශු හායනය සහ ඛාදනය අවම කිරීම.
  • පරිසර දූෂණය අවම කිරීම හා ජෛව ව්ද්‍යාත්මක ඵලදායිතාව යහපත් මට්ටමකට ගෙන ඒම.
  • දීර්ඝකාලීන සාරවත් බව රැක ගැනීම සඳහා පස තුල ජීව විද්‍යාත්මක ක්‍රියාවලීන්ට අවශ්‍ය තත්ත්ව පවත්වාගෙන යාම.
  • හැකිතාක් දුරට ද්‍රව්‍යය සහ සම්පත් ප්‍රතිචක්‍රීයකරණය කිරීම.
  • දේශීය සහ පුනර්ජනනීය සම්පත් යොදාගෙන කෘෂිකාර්මික පද්ධති පවත්වාගෙන යාම සිදු කරයි.

අපි ගොවීන්ට උදව් කරන ආකාරය

WE HELP FARMERS

අපි ගොවීන්ට උදව් කරන ආකාරය

අපි අස්වැන්න වැඩි දියුණු කරනවා

අපි ආදායම වැඩිකර දෙනවා

සෞඛ්ය සම්පන්න ජීවිතයක් ලබාදෙනවා

හරිත ආර්ථික දියුණුවක් සදහා කෘෂිකර්මාන්තය

අපගේ ආයතන ක්‍රියාකාරකම් හා සමාජ සත්කාර

SOCIAL WORKS

අපගේ ආයතන ක්‍රියාකාරකම් හා සමාජ සත්කාර

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ගොවි සංවිධාන රැස්වීම්

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ…

වගකිවයුතු සමාගමක් ලෙස අපි නිෂ්පාදන සංවර්ධනයට පමණක්…

කන්ගරා විශ්වාස කළ හැකි සහකරුවෙකු ලෙස

කන්ගරා විශ්වාස…

කන්ගරා සෑම විටම ගොවීන්ගේ සාර්ථකත්වය කෙරෙහි අවධානය…

රත්නපුර ගොවි සංවිධාන රැස්වීම්

රත්නපුර ගොවි…

ගොවීන් සෑම කෙනෙකුටම පෝෂණය හා ජලය ලබා…

කුසගින්න සහ ආහාර හිඟය නැති කිරීමට ගෙවතු වගාව ප්‍රවර්ධනය කරන්න

කුසගින්න සහ…

2050 වන විට ගෝලීය ජනගහනය බිලියන 9…

Supplier Registration