Kangara

හරිත ආර්ථික දියුණුවක් සදහා කෘෂිකර්මාන්තය.

‘’ Agriculture is the fundamental source of the food supply
of all the countries despite its developing status. ’’

කෘෂිකර්මාන්තය සියලුම රටවල ආහාර සැපයුමේ මූලික මූලාශ්‍රය වේ. එය ආහාර නිෂ්පාදනය සඳහා ගොඩබිම සහ ජලය ඇතුළු ස්වභාවික සම්පත් සැලකිය යුතු ලෙස භාවිතා කරන්නකි. සංවර්ධනය වෙමින් පවතින සහ ඌන සංවර්ධිත රටවල ජනගහනය මත ඇති දැඩි පීඩනය හේතුවෙන් ආහාර සඳහා ඇති ඉල්ලුම වේගයෙන් ඉහළ යයි. ලෝක ආහාර වැඩසටහනට (WFP) අනුව, කුසගින්න තවමත් ලෝකයේ විශාලතම එහෙත් විසදුම් ලබා දිය හැකි ගෝලීය ගැටලුවකි. වර්තමානය වන විට පවුල් 10 කින් 3 ක්, ආසන්න වශයෙන් මිලියන 6.26 ක ජනතාවක් ආහාර හිග කමින් පීඩිතව සිටින අතර බොහෝ රට වල ආහාර අර්බුදය මේ වන විට උග්‍ර තත්වයක පවතී.

1. පොහොර භාවිතයේ පරිණාමය

මීට වසර 8000කට පෙර සිටම ගොවිතැන් සදහා, බෝග වර්ධනය සදහා පොහොර යෙදීම සිදුවූ බවට සාක්ෂි පවතී. පුරාණ කාලයේ කාබනික පොහොර භාවිතා කිරීම සිදුවූ අතර බැබිලෝනියන්, ඊජිප්තුවරුන්, රෝමවරුන් සහ මුල් ජර්මානුවන් අස්වැන්න වැඩි කිරීම සඳහා ඛනිජ හෝ පොහොර භාවිතා කල බව පසු කාලින වාර්තා වල සදහන් විය. වර්තමානයේ දක්නට ලැබෙන රසායනික පොහොර නිෂ්පාදනයේ මුලික පදනම 1840 දී ජස්ටස් ලිබිග් විසින් සකස් කරන ලද අතර ඔහු ශාක වර්ධනයට අවශ්‍ය මූලද්‍රව්‍ය ගැන මුලික අවධානය යොමු කළේය. 1933 දී පමණ දෙවන ලෝක යුද්ධ සමයේදී එක්සත් ජනපදයේ පොහොර සඳහා ඝන ඇමෝනියම් නයිට්රේට් භාවිතය විශාල පරිමාණයෙන් ආරම්භ විය. 1843 දී සුපර් පොස්පේට් නිෂ්පාදනය මහා පරිමාණයෙන් ආරම්භ වූ අතර K පොහොර කර්මාන්තය 1861 දී ජර්මනියේ දී ආරම්භ විය. කෘත්‍රිම පොහොර මගින් ලබා දුන් ක්ෂණික ප්‍රථිපල හා ඉහල අස්වැන්න ගොවීන් ආකර්ෂණය කර ගැනීමට සමත් වූ නිසා කෘතිම පොහොර සඳහා ඉල්ලුම ඉතා කෙටි කාලයකින් ඉහල ගියේය.
කාබනික කෘෂිකර්මාන්ත සංකල්පය 1900 ගණන්වල මුල් භාගයේදී ශ්‍රීමත් ඇල්බට් හොවාර්ඩ්, එෆ්.එච්. කිං, රුඩොල්ෆ් ස්ටයිනර් යන අය විසින් නැවත වරක් ලොවට හදුන්වා දීමට ක්‍රියා කරන ලද අතර ඔවුන් සත්ව පොහොර (කොම්පෝස්ට් පොහොර), ආවරණ බෝග, බෝග හුවමාරුව සහ ජීව විද්‍යාත්මකව පදනම් වූ පළිබෝධක භාවිතය ධෛර්යමත් කළේය. හරිත වර්ධනය සදහා කෘෂිකර්මාන්තය යොදා ගැනීම ලෝකයේ දැනට පවතින නවතම සංකල්පය වන අතර එය පාරිසරික හායනය, ජෛව විවිධත්වය අහිමි වීම සහ තිරසාර නොවන ස්වභාවික සම්පත් භාවිතය වැළැක්වීම මුලික අරමුණු කර ගයි. මෙම සංකල්පයේ ඉලක්කය වන්නේ පාරිසරික වශයෙන් තිරසාර වර්ධන ආකෘතියක් වෙත ගමන් කිරීමයි.

2.තිරසාර කෘෂිකර්මාන්තය යනු

කෘෂිකාර්මික කටයුතු සඳහා රසායනික පොහොර යෙදීම අද ලොව පුරා බහුලව දක්නට ලැබෙන කෘෂි විද්‍යාත්මක පිළිවෙතයි. කෙසේ වෙතත්, අධික ලෙස, දිගුකාලීනව රසායනික පොහොර භාවිතය දැවැන්ත පාරිසරික හා සමාජීය බලපෑම් ඇති කරයි. එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනට (UNEP) අනුව පසුගිය වසර 100 තුළ පස, ජලය සහ වාතය තුළ මිනිසා විසින් සාදන ලද නයිට්‍රජන් සංයෝග ප්‍රමාණය දෙගුණ වී ඇත. අධික ලෙස රසායනික පොහොර භාවිතය මගින් පස හා භූගත ජලය සීඝ්‍රයෙන් පිරිහීම, පාංශු සාරවත් බව නැතිවීම, පසෙහි හා ශාකවල බැර ලෝහ එකතු වීම, පසෙහි ඵලදායිතාව අඩුවීම, පාංශු ක්ෂුද්‍ර වෘක්ෂලතා විනාශ කිරීමෙන් ස්වභාවික පරිසර පද්ධති සමතුලිතතාවය බිඳ වැටීම සහ ජල දූෂණය ඇති කරයි. පරිසර හිතකාමී පොහොර, පළිබෝධනාශක සහ වගා පිළිවෙත් වලින් සමන්විත තිරසාර කෘෂිකාර්මික ප්‍රවේශයේ මූලික මූලධර්මවලට සෞඛ්‍යය, පරිසර විද්‍යාව හා තිරසාර සංවර්ධනය සහතික කරන රැකවරණය මුලික වශයෙන් අන්තර්ගත වේ.

3. කාබනික ගොවිතැන සමඟ ධනාත්මක වෙනස්කම් ඇති කරමු.

කාබනික ගොවිතැන,

සෞඛ්‍ය අවදානමක් ඇති නොකරයි

ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සහ දේශගුණික විපර්යාස අවම කරයි

පරිසරය සුරකින අතර ජෛව විවිධත්වය ඉහලනංවයි

පාංශු සෞඛ්‍යය ඉහල නංවයි

අස්වැන්න සහ ගොවියාගේ ආදායම ඉහල නංවයි

අපගේ නිෂ්පාදන

බෝගයේ සියලුම පෝෂණ අවශ්‍යතා සදහා අප ආයතනයට ආවේණික වූ ශාක විශේෂිත නිෂ්පාදන පෙළක්.